iudc
.fõIlhd
Academic Research Methodology: Fundamentals, Methods and Practices – A guide to Sinhala speakers
Reviewed By Scholars and Experts
isxy, fmd;
Adapted to English By Springer
eISBN : ISBN 978-624-99208-1-1
Academic Research Methodology: Fundamentals, Methods and Practices – A guide to Sinhala speakers
Reviewed By Scholars and Experts
This book provides a guide to such budding social researchers, who are non-native English speakers drawing examples from literature to show how to conduct a research, present research results, integrate with existing literature to draw conclusions through real-world examples. Also, this book uses examples to show how to communicate with journal editors and peer reviewers to get published the research results as journal articles, book chapters or conference papers.
This book connects different quantitative techniques, qualitative methodologies (case studies, phenomenology and ethnography and Grounded theory) as well as Mixed methods methodology through a single example. This book attempts to describe a holistic approach introducing a 10Ps model that incorporates the essential elements of the research process. The process focuses on combining philosophical framework and arguments from research results.
This book focuses not only on conducting a research project, but also on the approach and procedures to be followed to achieve higher marks for course work assignments and publishing research articles in international journals.
This book shows how to create many papers from one research/data set to increase number of publications and citations. This book has fewer words and more illustrations, tables, figures, pictures and YouTube tutorial links.
This book outlines how to present test results in APA style for all the statistical test used in this book, using examples.
Youtube links
oyia .Kkla úuid" ta w;ßka f;dard.;a jvd;a u wod, ine¢
(links)
iuÕ Ydia;%Sh m¾fhaIK i|yd ,sheù we;s fmd;a ish .Kklska iy úYajikSh uQ,dY% j,ska ,nd.;a uq,a bx.s,sis Wmqgd .ekSï" tajdfha isxy, wkqj¾;k iuÕ bÈßm;a fldg we;' iuld,Sk ixlS¾K ixLHd;aul fyda .=Kd;aul fyda ñY% úêl%u Ndú;d lrñka fyda iudcúoHd;aul m¾fhaIK i|yd uQ,sl wä;d,u ,nd foa'
ìh okjk iq¨ .‚; iQ;% j,ska f;dr j ne?reï ixlS¾K kHdhhka bÈßm;a lsÍug iy yeoEÍug o;a; kshudldrhg mß>Klhg leùu;a
SPSS
uDÿldx.h wjYHh mßÈ fufyh ùu;a m%.=K l< úg m%ÓM,
(APA FORMAT)
úYajikSh f,i Ë‚l j ,nd .ekSu wo Ndú;d jk jvd;a ld¾hËu úê l%uhhs' ta i|yd uQ,sl wä;d,u ,nd foa'
මෙම පොතේ සාකච්ඡා කෙරෙන සිද්ධි අධ්‍යයනයන්, මූල්‍ය වෙළඳපොලේ රැකියාවේ යෙදෙන ණය නිලධාරීන්ට/කළමනාකරුවන්ට මෙන් ම මූල්‍ය ආයතන සමඟ සමීප ව ඇසුරු කරන ගණුදෙනුකාර භවතුන්ට සහ දැනුම සොයන සමාජ ස්ථරයට ද ණය ඇගයීමේ යම් යම් දුර්වලතා සහ ණය අවිය (credit weapon) සමාජයට කරන බලපෑම පිළිබඳව කිසියම් වැටහීමක් අවබෝධයක් ලබා ගැනීමට ප‍්‍රයෝජනවත් වනු ඇත.
I earned my PhD in Finance/Banking from the Auckland University of Technology (AUT), New Zealand. I am a Fellow Chartered Accountant and a member of the Association of Professional Bankers (Sri Lanka), CPA (Australia), MICM (UK), and a founder member of the Society of Certified Management Accountants of Sri Lanka. I also hold a Diploma of Central Banking from the Central Bank of Sri Lanka and am a TESOL qualified teacher. I started my career as an Audit trainee at Ford Rhodes Thornton & Co. (now KPMG) and have worked in the fields of Auditing/Accounting, Manufacturing, Trading, and Finance and Banking for over 30 years. Before being appointed as a professor in Banking and Finance at the Fiji National University, I worked for AUT University in New Zealand, the University of Southern Queensland-Australia (in Auckland), the University of the South Pacific in Fiji, and several other tertiary polytechnics in New Zealand. Currently, I am attached to the Sri Lanka Institute of Information Technology (SLIIT) in Malabe.
https://saliyaca.wixsite.com/website
https://casaliya.academia.edu/
Prof. C. A. Saliya
Ph.D (AUT-NZ), FCA (SL), CPA (Aus), MBA (PIM), MICM (UK), Professional Banker
පර්යේෂණ ක්‍රියාවලියේ අතරතුර සිදු වන හදිසි අනතුරු අකරතැබ්බ සාමාන්‍යය සිදුවීම් වේ. මේ අභියෝගය ජය ගැනීමට ඇති එක ම මඟ පෙර සූදානමයි. අනෙක් අතට අප හැදෑරීමට යන කෘතිය (මේ පොත ද ඇතුළුව) කිනම් භාෂා ශෛයිලියකින් ඉදිරිපත් කොට ඇති ද, එම භාෂා විලාසිතාව අපට හුරු පුරුදු ශෛයිලියක් ද නැතිනම් හුරු කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ද කල් වේලා ඇතිව ම අවබෝධයක් ඇති කර ගැනීමත් හොඳ පෙර සූදානමකට අවශ්‍යය වේ. ඇත්ත වශයෙන් ම පර්යේෂණ ඉතිහාසය මුලින් ම ලියැවෙන්නේ ග්‍රීක, ප්‍රංශ, ජර්මන් වැනි භාෂා වලිනි. අප වඩාත් නැඹුරු වී, හුරු වී ඇත්තේ ඉංගිලිසියට බැවින් අපට මෙසේ ඉංගිලිසි සඟරා කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වී ඇති බවත් මෙහි ලා සඳහන් කළ යුතු ය. ධනාත්මක සහ නම්‍යයශීලී ආකල්ප ගැන මුල සිටම දැඩි අවධානයකින් සහ අධිෂ්ඨානයකින් සිටීම ද ඉතා වැදගත් පෙර සූදානමකි
මෙසේ ශාස්ත්‍රීය පර්යේෂණ මඟින් සොයාගත් ‘දැනුම’ නිල සහ ලෝකය පිළිගත් දැනුමක් වීමට නම් පර්යේෂණ ප්‍රතිඵල ජාත්‍යන්තර සමපදස්ථ-සමාලෝචනයන්ට ලක් කෙරෙන ශාස්ත්‍රීය සඟරාවල (IPRAJ) පර්යේෂණ පත්‍රිකා ලෙස හෝ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ දේශන/ඉදිරිපත්කිරීම් (academic conferences) හෝ පිළිගත් ප්‍රකාශකයින්ගේ (reputed publishers) ග්‍රන්ථ හෝ ග්‍රන්ථ පරිච්ඡේද ලෙස ප්‍රකාශනයට පත් කළ යුතු වේ. නැතහොත් එම සොයා ගැනීම් අපතේ යන බව විද්‍යාර්ථීන් අතර (within the academia) ප්‍රසිද්ධ කියමනකි; “publish or perish”
ලෝකයේ සමාජ පර්යේෂණ, ඉතිහාසය පුරා වසර 2500කට වැඩි කාලයක් තිස්සේ පුළුල් ලෙස භාවිතා කර ඇත. බටහිර දර්ශනයේ මූලයන් පුරාණ ග්‍රීක දාර්ශනිකයන් වන ප්ලේටෝ (ක්‍රි.පූ. 424-348) සහ ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384-322) දක්වා ඈතට දිව යයි. පර්යේෂණ සහ දැනුම මෙම දාර්ශනිකයන් විසින් ඉතා අගය කොට සලකන ලදී; සොක්‍රටීස් (ක්‍රි.පූ. 470 – 399) පවසා ඇත්තේ මෙලොව ඇත්තේ එක් හොඳ දෙයක් සහ එක් නපුරක් පමණි යනුවෙනි, එනම් ‘දැනුම’ යන හොඳ දෙය සහ ‘නො දැනුවත්කම’ යන නපුරයි. මෙය ගෞතම බුදුන් වහන්සේගේ (ක්‍රි.පූ. 563-483) ඉගැන්වීම් සමඟ ද මනාව ගැළපෙන බව පෙනේ. ඇත්ත වශයෙන් ම සොක්‍රටීස්ට වසර 100කට පමණ පෙර බුදුන් වහන්සේ ‘අවිද්‍යාව’ යනුවෙන් හැඳින් වූවේ මෙම නො දැනුවත්කම යන නපුරයි. ජීවත් වන අය මළවුන්ගෙන් වෙනස් වන්නේ යම් සේ ද, එසේම ‘උගත්’ අය ‘නූගත්’ අයගෙන් වෙනස් වන බව ඇරිස්ටෝටල් පවසා ඇත.
ශාස්ත්‍රීය පර්යේෂණ වර්ගීකරණය කිරීමට විවිධ ප්‍රවේශ තිබේ. ඔබේ පර්යේෂණ විස්තර කිරීමට ඔබ භාවිතා කරන වචන රඳා පවතින්නේ ඔබේ අරමුණූ, ප්‍රවේශය, භාවිතා කිරීමට බලාපොරොත්තු වන විධික්‍රම, උපාය උපක්‍රම හා ඔබේ පර්යේෂණ ක්‍ෂේත්‍රය මත ය. පොදුවේ ගත් කල, ඔබේ ප්‍රවේශයන් හැඩගස්වනු ලබන්නේ පහත දැක්වෙන කරුණු ඇතුළු ව විවිධ පැතිකඩයන් සලකා බැලීමෙන් ය.
මෙහි දී අප අවධානය යොමු කරනුයේ පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම ගැන පමණක් නොව, එහි ප්‍රතිඵල ප්‍රකාශනයට පත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටීන් දක්වා අරමුණු කරගත් ප්‍රවේශයකටයි. මෙහි දී බොහෝ පර්යේෂණ ක්‍රමවේදයන්ට පොදු වූ ක්‍රියාකාරකම් හතක් හඳුනාගෙන ඇත. එය 7Ps of Conducting Research (පර්යේෂණ ක්‍රියාවලියේ මූලධාතු හත) යනුවෙන් හැඳින් වේ (Saliya, 2010; 2017; 2021). මෙම මූලධාතු හත බොහෝ ක්ශේත්‍ර වලට එක සේ අදාල වේ. වෙනස් වන්නේ එක් එක් මූලධාතුවෙන් නියෝජනය කරන විධික්‍රමයි. මේ පොතේ අරමුණු සමඟ ගැළපීමට මෙම මූලධාතු හතේ ආකෘතිය තුළට ප්රකාශනය (Publishing) යන අංගය ද එකතු කොට ඇත. එහි දී නිර්මාණ සැලසුම්කරණය (Planning -Designing) වෙන් කොට හඳුනාගෙන Planning යනුවෙන් ද කාල රාමු සහ අය වැය වැනි ක්‍රියාකාරකම් ඇතුළත් කිරීමට ක්‍රමලේඛනය කිරීම [Programming] නමින් තවත් අංගයක් සමඟින් තවත් P තුනක් හඳුන්වා දෙමින් P දහයක් (10Ps) ලෙසට ඉදිරිපත් කොට ඇත.
බොහෝ විට, පර්යේෂණය කළ යුතු ගැටලුවක් වෙත පර්යේෂකයා ව යොමු කරවන්නේ පර්යේෂකයාගේ තීක්ෂණ බුද්ධිය සහ අත්දැකීම් ය (O’Leary, 2005). කෙසේ වෙතත්, ගැටලුවක් හඳුනා ගැනීම පර්යේෂකයාගේ සත්භාවවේදී සහ ඥාණවිමංසවේදී ස්ථාවරය මත රඳා පවතී. එ බැවින් තෝරා ගත් සුසමාදර්ශය සහ න්‍යායාත්මක ඉදිරිදර්ශනය පර්යේෂණ ගැටලුවක් ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම් සපයයි.
එසේ ම පර්යේෂකයා ප්‍රගුණ කොට ඇති පර්යේෂණ ක්‍රමෝපායයන් ද ගැටලුව තෝරා ගැනීමේ දී සහ නිරවුල් ව ලිවීමේ දී සැලකිය යුතු බලපෑමක් සිදු කරයි. ප්‍රමාණාත්මක ක්‍රමෝපායයන් සහ සංඛ්‍යාන ශිල්පීය ක්‍රම ගැන විශේෂඥ දැනුමක් සහ පළපුරුද්දක් ඇති පර්යේෂකයින් කල්පිත ගොඩනැඟීම හරහා පර්යේෂණ ගැටලු නිරවුල් ව ලිවීමට නැඹුරු විය හැකි ය. ගුණාත්මක ක්‍රමෝපායයන් ප්‍රගුණ කොට ඇති පර්යේෂකයින් පර්යේෂණ කල්පිත වෙනුවට ප්‍රශ්න සකසයි. එසේ ම පර්යේෂකයා අධීක්‍ෂණයක් යටතේ පර්යේෂණය සිදු කෙරෙනවා නම් බොහෝ විට අධීක්‍ෂකවරයා ප්‍රගුණ කොට ඇති හෝ ප්‍රිය කරන ක්‍රමෝපාය භාවිතා කිරීමට සිදු වේ.
ශාස්ත්‍රීය ප්‍රකාශන සමාලෝචනය පර්යේෂකයා ව පර්යේෂණ ප්‍රශ්න එකක් හෝ කිහිපයක් වෙත යොමු කරවයි. එ බැවින් සමාලෝචනය කරන ලද ශාස්ත්‍රීය දැනුම සහ ඉන් පසු ව සිදු කෙරෙන පර්යේෂණ අධ්‍යයනය අතර දැඩි සම්බන්ධතාවයක් තිබිය යුතු ය. මේ දෙක අතර සම්බන්ධතාවය වන්නේ පර්යේෂණ ප්‍රශ්න නිර්මාණය කිරීම හෝ කල්පිත ගොඩනැඟීමයි.
ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකා සමාලෝචනය යෙන් පසු ව, ඔබේ මාතෘකාව පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා එම ක්‍ෂේත්‍රය සහ මාතෘකාව සම්බන්ධයෙන් මේ වන විට අන් විද්‍යාර්ථීන් කළ පර්යේෂණ සහ ඔවුන් කුමන ක්‍රමවේදයන් අනුගමනය කළා ද යන්න පිළිබඳ ව ඔබට පැහැදිලි අදහසක් තිබිය යුතු ය. ඔබ කැමති ක්‍රමෝපාය; ප්‍රමාණාත්මක, ගුණාත්මක හෝ මිශ්‍ර විධික්‍රම ගැන ඔබ සිතුවා විය හැකි ය. දැන් ඔබ දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ඒවා අර්ථනිරූපණය කිරීම කළ යුතු ය.
2015 පෙබරවාරි-මාර්තු කාල වකවානුවේ දී සිදු වූ මහ බැංකු බැඳුම්කර ‘අක්‍රමිකතාවයට’ (The Bond ‘scam’) එවකට පැවති ආණ්ඩුව හෝ අගමැති හෝ මුදල් ඇමති ගේ සම්බන්ධතාවය හෝ වගකිව යුතු ප්‍රමාණය නියැදියක් උපයෝගී කර ගනිමින් සමීක්‍ෂණ (survey) වැනි විධික්‍රම (methods) මඟින් විශ්ලේෂණය කළ නො හැකි ය. එ මෙන් ම පුවත්පත් විසින් වාර්තා කරන ලද මිග් යානා මිල දී ගැනීමේ දී සිදු වූවා යැයි කියන ‘ගණුදෙනුව’ (The MiG ‘deal’), මිනිස් ඝාතන හෝ අතුරුදහන් කිරීම් සැබැවින් ම සිදු වූවා ද? එයින් වාසි ලැබුවේ කුමන පාර්ශවයන් ද? යනාදී ගැටලුවලට විසඳුම් හෝ පිළිගත හැකි සංසිද්ධිමය විස්තර කිරීමක් හෝ සමීක්‍ෂණ මඟින් දත්ත රැස් කොට සංඛ්‍යාන ශිල්පීය ක්‍රම (statistical techniques) භාවිතයෙන් නිගමනවලට එළඹිය නො හැකි ය. මෙවැනි පර්යේෂණ අයත් වන්නේ විමර්ශන (inquiry) ඝණයටයි. මෙවැනි පර්යේෂණයන්ට යොදා ගන්නා නියැදිය කොතරම් විශාල වුවත් මෙවැනි ගැටලු වලට සාර්ථක පිළිගත හැකි විස්තර කිරීමක් සොයා ගත නො හැකි ය. ඒ සඳහා ස්වාධීන විමර්ශණයක් කළ යුතු වේ. එවැනි විමර්ශන ඇස දුටු සාක්‍ෂි (eyewitnesses) සහ වෙනත් උපකාරක සාක්‍ෂි (collaborative evidence) මත ගුණාත්මක වර්ගයේ විමසීමකි.
මෙම පරිච්ඡේදයේ විස්තර වන්නේ ප්‍රමාණාත්මක ක්‍රමෝපායේ සංඛ්‍යාන විධික්‍රම පිළිබඳ වැදගත් වන මූලධර්ම කිහිපයකි. ප්‍රමාණාත්මක සංඛ්‍යාන යනු තාක්‍ෂණික ව විශේෂිත වූ (technically specialized) විෂය ක්ෂේත්‍රයකි. එම විශේෂීකරණය (specialization) තුළ තවදුරටත් ඉතා සියුම් වූ ක්‍ෂුද්‍ර විශේෂීකරණයන් ද ඇත. මෙම විශෙෂීකරණයන්ට අදාල සංඛ්‍යාන පරිඝණක මෘදුකාංග ද ඇත. බහුල ව භාවිතා වන මෘදුකාංග අතර MS Excel, SPSS, AMOS, Eviews සහ Mplus වැනි මෘදුකාංග වේ. SPSS නමින් හඳුන්වන සමාජවිද්‍යාවන් සඳහා බහුලව භාවිත කරන සංඛ්‍යාන මෘදුකාංගයේ (Statistical Package for Social Sciences) පළමු සංස්කරණය 1968 දී එළි දක්වන ලදී. පහත යූ ටියුබ් ඈඳීම් (Youtube links) භාවිතා කොට මේ පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් ලබා ගත හැකි වේ.
මෙම පරිච්ඡේදයේ සාකච්ඡා කෙරෙන්නේ සංඛ්‍යානමය දත්ත විශ්ලේෂණයේ දී සමාන්‍යයෙන් භාවිතා වන මූලික සංකල්ප කිහිපයකි. මෙම සංකල්ප තනි තනි ව ගෙන අවබෝධ කර ගැනීමට තරමක් අසීරු වුවත්, ඒ පිළිඹඳ යම් කිසි හැඟීමක් ඇති කර ගැනීම සංඛ්‍යානමය ශිල්පීය ක්‍රම (statistical techniques) හැදෑරීමේ දී ප්‍රයෝජනවත් වේ. මෙම මූලික සංකල්ප අතරට කල්පිත පරීක්ෂණ (hypothesis testing), පී අගය (p value), ටී පරීක්‍ෂණ (t-tests), අවධි අගය (critical value), එෆ් පරීක්‍ෂණය (F-test), ඉසෙzඩ් අගය (Z score), සුචලන අංකය (degree of freedom – d.f.), වෙසෙසියා සහ විශ්‍රම්භ මට්ටම් සහ ප්‍රාන්තර (significant levels, confidence levels and intervals), සාමාන්‍ය ව්‍යාප්තිය (normal distribution), පොයිසන් ව්‍යාප්තිය (Poison distribution) සහ කයි-වර්ග ව්‍යාප්තිය (Chi-Square හෙවත් χ2 – ව්‍යාප්තිය) වැනි යෝග්‍යතා පරීක්‍ෂණ (goodness of fit tests) යනාදිය ඇතුළත් වේ. ඉහත පරිච්ඡේදයේ සඳහන් පශ්චාත් උපාධි සිසුන් ගේ දත්ත කට්ටලය භාවිතා කොට මෙම දත්තවල වලංගු බව පරීක්‍ෂා කිරීම සඳහා SPSS භාවිතා කරන අයුරු ද මෙහි සාකච්ඡා වේ.
මෙම පරිච්ඡේදයේ සංඛ්‍යාන පරීක්‍ෂණ විධික්‍රම (statistical testing methods), ආකෘති නිර්මාණය සහ මාර්ග සටහන් (model building and path diagrams) ගැන සාකච්ඡා කෙරේ. මෙම කෘතියෙන් සංකීර්ණ සංඛ්‍යාන මඟින් ගැඹුරු විශ්ලේෂණයන් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා නො කරයි, ඒ සඳහා විශේෂීකරණය වූ පෙළ පොත් පරිශීලනය කළ යුතු වේ. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත විශ්ලේෂණයේ සීමා මායිම් ක්‍රමයෙන් බොඳ වෙමින් පවතී. ආකල්ප, හැසිරීම් රටා වැනි ගුණාත්මක දත්ත සංඛ්‍යාත්මක විචල්‍යයන් බවට පරිවර්තනය කොට එම විචල්‍යයන් අතර සහසම්බන්ධතා ගොඩනැඟීම ආකර්ශණීය පර්යේෂණ බවට පත් වී ඇත. ඔබට සංඛ්‍යාන මෘදුකාංගයන්ට, විශේෂයෙන් SPSS, AMOS සහ පරිඝණක පහසුකම් තිබේ යැයි යන උපකල්පනය මත මෙම පරිච්ඡේදය ඉදිරිපත් කොට ඇත.
ව්‍යුහාත්මක සමීකරණ ආකෘතිකරණය (SEM) යනු නිරීක්‍ෂණය කළ නො හැකි/ඍජුව ම දත්ත ලබා ගත නො හැකි යම්කිසි විචල්‍යයක් කෙරේ නිරීක්‍ෂණය කළ හැකි සාධකවල බලපෑම තක්සේරු කිරීම සඳහා භාවිතා කරන සංකීර්ණ සංඛ්‍යාන ශිල්පීය ක්‍රමයකි.
ගුප්ත වර්ධන ආකෘතිකරණය (Latent Growth Modeling) යනු වර්ධන ගමන් මග තක්සේරු කිරීම සඳහා ව්‍යුහාත්මක සමීකරණ ආකෘතිකරණ රාමුව තුළ භාවිතා කරන සංඛ්‍යානමය තාක්‍ෂණයකි. යම් කාල පරිච්ඡේදයක් තුළ වර්ධනය තක්සේරු කිරීම සඳහා එය දිගු-කාලීන විශ්ලේෂණ තාක්‍ෂණයකි. එය මනෝවිද්‍යාව, චර්යාත්මක විද්‍යාව, අධ්‍යාපනය සහ සමාජවිද්‍යාව යන ක්ෂේත්‍රවල බහුල ව භාවිතා වේ. එය ගුප්ත වර්ධන වක්‍ර ලෙස ද හැඳින්වේ. ගුප්ත වර්ධන ආකෘතිය සෑදී ඇත්තේ SEM න්‍යායන් මගිනි.
ආර්ථිකමිතිකය හෙවත් ඉකොනොමෙට්‍රික්ස් යනු ආර්ථික විද්‍යාවේ හෝ මූල්‍යයේ (economics or finance) පවතින උපකල්පන පරීක්‍ෂා කිරීම හෝ න්‍යායන් ගොඩනැඟීම සඳහා ප්‍රමාණාත්මක දත්ත භාවිතා කරමින් සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීමයි. Econometrics රඳා පවතින්නේ ප්‍රතීපායන විශ්ලේෂණ සහ කල්පිත පරීක්‍ෂණ (regression analysis and hypothesis testing) වැනි ශිල්පීය ක්‍රම මත ය. අනාගත ආර්ථික හෝ මූල්‍ය ප්‍රවණතා පුරෝකථනය කිරීමට ද ආර්ථිකමිතික භාවිතා කළ හැකි ය. ඉහත පරිච්ඡේදයේ සාකච්ඡා කළ SEM සහ Path analysis වැනි ශිල්පීය ක්‍රම ද මෙහි දී සාර්තක ලෙස භාවිතා කළ හැකි ය.
මෙම පරිච්ඡේදයේ සාකච්ඡා කෙරෙන්නේ ගුණාත්මක හෙවත් සංඛ්‍යානමය විශ්ලේෂණයන් රහිත පර්යේෂණ මූලෝපායයන් පිළිඹඳ කෙටි හැඳින්වීමකි. මෙම ක්‍රමවේදයන් විස්තරාත්මක අධ්‍යයනය සඳහා ඒ ඒ ප්‍රවේශයන් සඳහා විශේෂීකරණය වූ පොත් සහ පර්යේෂණ පත්‍රිකා හැදෑරීමට අවශ්‍යය වේ. පසුගිය දශක දෙක තුන ඇතුළත ශාස්ත්‍රීය පර්යේෂණ ක්‍රමවේදය විප්ලවීය වෙනස්කම් වලට භාජනය වූ අතර, විෂය ධාරා අතර සීමා මායිම් බොඳ වී එකිනෙක මුසු වී, විවේචන සහ ප්‍රතිරෝධ වැනි බාධා මැද වුව ද, නව මානයන් කරා ප්‍රගමනය වී ඇත.
ආඛ්‍යාන විමසුම හෝ ආඛ්‍යාන 20 වන සියවසේ මුල් භාගයේ දී ගුණාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ විෂය ධාරාවක් ලෙස ඉස්මතු විය. චේස් (Chase, 2005) විසින් සමකාලීන ආඛ්‍යාන විමසුම හඳුන්වන්නේ විවිධ විෂයධාරාවන්හී විශ්ලේෂණ කාච, විවිධ ප්‍රවේශයන් සහ සාම්ප්‍රදායික හා නිර්මණාශීලී ක්‍රමවේදයන් ඒකාබද්ධ කිරීමක් ලෙස ය. ජීවත්වන තැනැත්තා විසින් විස්තර කර ඇති පරිදි සියළු වැදගත් තොරතුරු චරිතාපදාන වටා සියල්ලම ගොණු කරමින් ගොඩනඟන වියමනකි.
එක් අතකින් සියලු පර්යේෂණ සිද්ධි අධ්‍යයනයන් බව Hammersley & Gomm (2000) යෝජනා කරයි. මක් නිසා ද යත් දත්ත එක්රැස් කිරීම සහ/හෝ එක්රැස් කිරීම සම්බන්ධයෙන් සෑම විට ම යම් ඒකකයක් හෝ ඒකක සමූහයක් සඳහා වීම සෑම පර්යේෂණ ක්‍රමෝපායකටම පොදු වන බැවිනි.
සිද්ධි අධ්‍යයනයන්, ක්ෂුද්‍ර මට්ටමේ (පුද්ගලයින් සහ අන්තර් පුද්ගල සම්බන්ධතා), මෙසෝ මට්ටමේ (සංවිධාන, ආයතන) හෝ සාර්ව මට්ටමේ (ප්‍රජාවන්, ප්‍රජාතන්ත්‍රවාදී රටවල්, සමාජයන්) විය හැකි අතර එක් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ විය හැකි ය (Swanborn, 2010).
ප්‍රපංචවිද්‍යාව මනස අධ්‍යයනය කිරීමට අදාළ දර්ශනවාදයේ ගුරුකුලයකි. ඉන්ද්‍රීය (පංචේන්ද්‍රිය සහ මනස) ගෝචරවන ඕනෑ ම අත්දැකීමක් ප්‍රපංචයක් ලෙස හඳුනා ගනී. සරල ව කිවහොත්, ප්‍රපංචවිද්‍යාව යනු පුද්ගලයෙකුගේ ක්‍ෂණික අත්දැකීම් විස්තර කිරීමකි. එවැනි අත්දැකීමකින් සිතේ මැවෙන දේ සඳහා වන දාර්ශනික වචනය ‘ප්‍රපංච’ වන අතර ඒ පිළිඹඳ අධ්‍යයනය ප්‍රපංචවිද්‍යාව ලෙස හැඳින්වේ. ප්‍රපංචයකට පොතක් පැන්සලක් වැනි භෞතික වස්තුවක්, චාරිකාවක් හෝ කෑමක් බීමක් වැනි ක්‍රියාවක් ගැන සිතේ ඇති වන සංජානනයක් පමණක් නොව, මායාවන්, සිහින-වස්තූන් සහ අපගේ මතකයන්, අපේක්ෂාවන් සහ ප්‍රාර්ථනාවන් ඇතුළත් වේ.
ග්‍රීක වචනයක් වන ‘එත්නෝ’ (ethno) යන්නෙන් දැක්වෙන්නේ ජනතාවක්, ජාතියක් හෝ සංස්කෘතික කණ්ඩායමකි. මානවවංශවේදය මානව විද්‍යාවේ ශාඛාවක් වන අතර පුද්ගල සංස්කෘතීන් ක්‍රමානුකූල ව අධ්‍යයනය කරයි. මානවවංශවේදය සංස්කෘතික සංසිද්ධීන් අධ්‍යයනයේ විෂය දෘෂ්ටි කෝණයෙන් ගවේෂණය කරයි. O’Leary (2004) ට අනුව මානවවංශවේදය සංස්කෘතික කණ්ඩායමක් එහි සහභාගිවන්නන්ගේ දෘෂ්ටි කෝණයෙන් ජීවන මාර්ගයක් අවබෝධ කර ගැනීම, සොයා ගැනීම, විස්තර කිරීම සහ අර්ථනිරූපණය කිරීම සඳහා ගවේෂණය කිරීම ඇතුළත් වේ.
මානවවංශවේදය යනු යම් සමාජ තත්වයක් තුළ සහභාගිවන්නන්ගේ හැසිරීම පරීක්ෂා කිරීම සහ සහභාගිවන්නන්ගේ (පරික්‍ෂණයට භාජනයවන්නන්ගේ) එවැනි හැසිරීම් පිළිබඳ අර්ථනිරූපණය අවබෝධ කර ගැනීම සම්බන්ධ සමාජ පර්යේෂණ වර්ගයකි.
විමර්ශන ක්‍රමෝපායක් ලෙස, මානවවංශවේදය බොහෝ සෙයින් රඳා පවතින්නේ පර්යේෂකයා පසුබිමෙහි සිට සහභාගී වීම හෝ අධ්‍යයනය කරනු ලබන පුද්ගලයින් සමඟ යම් භූමිකාවක නිරත වෙමින් නිරීක්‍ෂණයන් ලේඛනගත කිරීමට උත්සාහ කිරීමකි. මෙම ක්‍රියාවලියේ දී සහභාගිවන්නන්ගේ සමාජ අන්තර්ක්‍රියා, රටාවන් සහ ඉදිරිදර්ශනයන් (perspectives) ඔවුන්ගේ දේශීය සන්දර්භය තුළ සවිස්තරාත්මක ව, තේරුම් ගැනීමට උත්සාහ කරයි.
දත්ත-පදනම් න්‍යායේ පරමාර්ථය වන්නේ සැලකිය යුතු ක්‍ෂේත්‍රයක ‘සිදු වෙමින් පවතින දේ’ (what is going on) සහභාගිවන්නන්ගේ දෘෂ්ටිකෝණයෙන් සොයා ගැනීමයි. සම්භාව්‍ය දත්ත-පදනම් න්‍යාය තුළ, හැකි තරම් පක්‍ෂග්‍රාහිත්වයෙන් තොර දත්ත වලින් ඉතා පුළුල් හා විවෘත ප්‍රශ්නයක් සමඟ පර්යේෂණයේ අවධානය යොමු වීමට ඉඩ හරී. මෙහි දී සහභාගිවන්නන් විසින් ම ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය හඳුනා ගැනීමට පර්යේෂකයා අවකාශය/පහසුකම් සැලසිය යුතු ය. පර්යේෂකයා අධ්‍යයනය කළ යුතු දේ ඔවුන් විසින් ම පර්යේෂකයාට පැවසීමට සැලැස්විය යුතු ය. සහභාගිවන්නන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය පර්යේෂකයා තේරුම් ගත් විට, ඔවුන් එය නිරතුරුව ම විසඳන්නේ කෙසේ දැයි පර්යේෂකයා සොයා බලයි. මෙය (ඔවුන් ප්‍රධාන කරුණ විසඳන ආකාරය) දත්ත-පදනම් න්‍යාය අධ්‍යයනයක මූලික කාණ්ඩය, සංකල්පය නැතහොත් අවසාන න්‍යාය වේ. සෑම දෙයක් ම නිරායාසයෙන් ම ඉස්මතු වීමට ඉඩ සැලසිය යුතු ය.
සංවිධාන සහ ප්‍රජාවන් තුළ වැඩි දියුණු කිරීම් හා වෙනස් කිරීම සඳහා මැදිහත් වීමට ක්‍රියාමූල පර්යේෂණ වැදගත් ක්‍රමවේදයක් බවට පත්ව ඇත. එය බොහෝ ජාත්‍යන්තර සංවර්ධන ආයතන සහ විශ්ව විද්‍යාල වැඩසටහන් මෙන් ම ලොව පුරා ප්‍රාදේශීය ප්‍රජා සංවිධාන විසින් ප්‍රවර්ධනය කර ක්‍රියාත්මක කරනු ලැබේ. ක්‍රියාමූල පර්යේෂණ ක්‍රමවේදයේ දී, විවේචනාත්මක ප්‍රත්‍යවේක්‍ෂණය මඟින් එකට බැඳී ඇති ක්‍රියාමාර්ග ගැනීම සහ පර්යේෂණ කිරීම යන සමාන්තර ක්‍රියාවලිය හරහා එය පරිවර්තනීය වෙනසක් අපේක්‍ෂා කරයි. Kurt Lewin ප්‍රථම වරට ‘Action research’ යන යෙදුම 1944 දී නිර්මාණය කරන ලදී. ඔහුට අනුව ක්‍රියාව සහ පර්යේෂණ සර්පිලාකාර ලෙස ප්‍රගමනය වන පියවරයන් වේ, ඒ සෑම පියවරයක් ම සැළැස්ම, ක්‍රියාව, සහ ප්‍රතිඵල පිළිබඳ කරුණු සෙවීමේ ප්‍රත්‍යවේක්‍ෂණයෙන් සමන්විත සර්පිලාකාර චක්‍රයකි.
ක්‍රියාමූල පර්යේෂණයන්හි විවිධ ප්‍රභේද ඇත. මෙම පරිච්ඡේදයේ නිදර්ශනය මඟින් සාකච්ඡා කෙරෙන්නේ සංවිධානයක් තුළ ඵලදායීතා සංවර්ධනය සඳහා ක්‍රියාවට නඟන ලද ක්‍රියාමූල පර්යේෂණයකි.
ගුණාත්මක පර්යේෂණ සඳහා කවි භාවිතය අලුත් දෙයක් නො වේ. වර්තමානයේ දී විවිධ ක්‍ෂේත්‍රයන් හි ශාස්ත්‍රීය සඟරාවන් (IPRAJ) කවි ප්‍රකාශනයට පත් කිරීම දක්නට ලැබේ. කෙසේ වෙතත් සමාජවිද්‍යාඥ ලෝරල් රිචර්ඩ්සන් (Laurel Richardson, 1992) විසින් සම්මුඛ සාකච්ඡා තුළින් උකහා ගත් වචන පදවැල් බවට පත් කොට ‘හමු වූ’ හෙවත් ‘සොයා ගන්නා ලද’ කවි (found poetry) වශයෙන්, ඇයගේ පර්යේෂණයන්ට සහභාගී වූවන්ගේ දුක් ගැනවිලි සහ කතන්දර ඉදිරිපත් කිරීම සඳහා ප්‍රකාශණයට පත් කිරීම මෙම ක්‍ෂේත්‍රයට නව පණක් දුන් ආරම්භයක් ලෙස සැලකේ.
මිශ්‍ර විධික්‍රම පර්යේෂණ යනු දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සඳහා සාම්ප්‍රදායික ව භාවිතා කරන ගුණාත්මක හා ප්‍රමාණාත්මක විධික්‍රම මිශ්‍ර කොට නිර්මාණය කර ගන්නා ක්‍රමෝපායකි. තවදුරටත් වෘත්තීය හා ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා වන මෙම ප්‍රවේශයන් මඟින් අවධාරණය කරනුයේ බහු දත්ත ප්‍රභවයන්, ක්‍රම, පර්යේෂණ ක්‍රමවේදයන් පමණක් නොව, විවිධ ලෝක දෘෂ්ඨීන් සුසමාදර්ශයන් සහ න්‍යායයන් ද මෙසේ මිශ්‍ර කිරීමෙන් එක ම ක්‍රමවේදයන්ට කොටු වීමෙන් වන අවාසි අවම කරගෙන, පර්යේෂණ ක්‍රමවේදය වැඩි දියුණු කළ හැකි බවයි.
ගුණාත්මක පර්යේෂණ යනු මූලික වශයෙන් ගවේෂණාත්මක පර්යේෂණ වන අතර පදනම් වී ඇති හේතු, මතවාද සහ අභිප්‍රේරණයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට භාවිතා කරයි. එය ගැටලුව පිළිබඳ අවබෝධයක් ලබා දීමට හෝ අදහස් වර්ධනය කිරීමට උපකාරී වේ. ගැටලුව ගණනය කිරීම සඳහා ප්‍රමාණාත්මක පර්යේෂණ භාවිතා කරයි. ආකල්ප, මතිමතාන්තර, හැසිරීම් සහ වෙනත් නිර්වචනය කළ විචල්‍යයන් ගණනය කිරීමට සහ විශාල නියැදි සංගහනයක ප්‍රතිඵල සාධාරණීකරණය කිරීමට එය භාවිතා කරයි. ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත සඳහා දත්ත විශ්ලේෂණ ක්‍රම එකිනෙකට වෙනස් උපාය මාර්ග අනුගමනය කරයි. ඒවා සංඛ්‍යාන විශ්ලේෂණය සහ තේමාත්මක විශ්ලේෂණය ලෙස හැඳින් වේ.
මෙම විධික්‍රමයේ දී සිදු වන්නේ සමස්තය චිත්‍රයකට නැඟීමයි. එය පර්යේෂකයා ඉදිරිපත් කරන අදහස නිරවුල් ව ඉදිරිපත් කිරීමටත් පාඨකයාට වඩා පැහැදිලි ව තේරුම් ගැනීමටත් අත්වැලක් සපයයි. මෙය ඉතා පැරණි ක්‍රමවේදයකි. පැරණි ඉංදියානු ආගම් වල එන ස්වස්තිකය ද, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කැටි කර පෙන් වන ධර්ම චක්‍රය ද, කිතු දහමේ එන කුරුසිය ද, මෙවැනි ඉදිරිපත් කිරීම් වේ.
පර්යේෂණ පත්‍රිකාවක අවසානය වන්නේ ප්‍රතිඵල අර්ථකතනය කොට නිගමනයන්ට එලඹීමයි. මේ සඳහා සාකච්ඡා සහ නිගමන තුළ අත්‍යවශ්‍යයෙන් ම අන්තර්ගත විය යුතු සාධක මොනවා දැයි සළකා බලමු. අනතුරු ව මෙම පරිච්ඡේදයේ සාකච්ඡා වන්නේ ඉහත පරිච්ඡේදයන් හී පර්යේෂණ ක්‍රියාවලියේ විවිධ අදියරයන් පැහැදිලි කිරීම සඳහා යොදාගත් නිදර්ශනයන් හී සාකච්ඡා ඡේද ගොඩනඟා තිබෙන අයුරු සහ නිගමනයන් කරා එලඹගත් අයුරු ය.
ප්‍රතිඵල හෝ සොයාගැනීම් ඉදිරිපත් කිරීමෙන් පසු පර්යේෂකයා ඉන් පසු ව ප්රතිඵලවල අර්ථය අර්ථනිරූපණය කරයි. මෙය බොහෝ විට වාර්තාවක සාකච්ඡා කොටසේ පැමිණේ. මූලික වශයෙන්, ප්‍රතිඵල අර්ථනිරූපණයට ඇතුළත් වන්නේ සවිස්තරාත්මක ප්‍රතිඵලවලින් ඉවත් වී පර්යේෂණ ගැටලු, අධ්‍යයනයක ප්‍රශ්න, පවත්නා ප්‍රකාශන සාහිත්‍යය සහ සමහරවිට පෞද්ගලික අත්දැකීම් සැලකිල්ලට ගෙන ඒවායේ විශාල අරුත ඉදිරියට ගෙන මතු කර දක්වනු ලැබේ.
සාරාංශයක් යනු සමස්තය කෙටියෙන් ඉදිරිපත් කිරීමයි. සාමාන්‍යයෙන් වචන 200 ක් හෝ ඊට අඩු ඡේදයක, සම්පූර්ණ පත්‍රිකාවේ පහත දැක්වෙන ප්‍රධාන අංගයන් අනුපිළිවෙලකට කෙටි සටහනකින් සාරාංශයක් සමන්විත වේ:
1) අධ්‍යයනයේ සමස්ත අරමුණ සහ ඔබ විමර්ශනය කළ පර්යේෂණ ගැටලුව.
2) අධ්‍යයනයේ මූලික සැලසුම හෝ ක්‍රමවේදය.
3) විශ්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස සොයා ගත් ප්‍රධාන සොයාගැනීම් හෝ ප්‍රවණතා සහ,
4) අර්ථනිරූපණයන් සහ නිගමන පිළිබඳ කෙටි සටහනක්.
සෑම විද්වත් සඟරාවක ම පාහේ සමපදස්ථ-සමාලෝචන ක්‍රියාවලියක් ඇත, එය තත්ත්ව පාලන යාන්ත්‍රණයක් වන අතර, කර්තෘගේ ක්‍ෂේත්‍රයේ විශේෂඥයින් වන විද්වතුන් (එක් කෙනෙක් සිට සතර දෙනෙක් දක්වා) සෑම ලිපියක් ම ඇගයීමට ලක් කරයි. මෙම සමපදස්ථ-සමාලෝචකයින් (විනිසුරුවන් හෝ පාඨකයින් ලෙස ද හැඳින් වේ) විසින් පත්‍රිකාවක වටිනාකම පිළිබඳ ව තීරණයක් ගැනීමට සංස්කාරකවරයාට සහාය වීමට අඩුපාඩු, වැරදි අර්ථකථන සහ දෝෂ හඳුනා ගැනීම; සඳහා කතුවරයාට නිර්දේශ ලබා දීම, වැඩිදියුණු කිරීමට උපදෙස් ලබා දීම; යනාදී කාර්යයන් ඉටු කරයි.
ජර්නල් හෙවත් සඟරා පත්‍රිකාවක් යනු රචනයේ ශාස්ත්‍රීය ප්‍රභේදයක් වන අතර එයට සම්මත ලක්‍ෂණ ඇත. එය සාමාන්‍යයෙන් පිටු පහේ සිට හතළිහක් (වචන 2,500 සිට 12,000 දක්වා) වන අතර උපුටා දැක්වීම් පහක් හෝ පනහක් දක්වා අඩංගු විය හැකි ය. එය වෙනත් විද්වතුන්ගේ ප්‍රකාශන සාකච්ඡා කරයි, වෙනත් විද්වතුන් (සමපදස්ථ-සමාලෝචකයින්: peer reviewers) විසින් විමසා බලනු ලැබේ.
ආචාර්ය උපාධිය සමත් වීමට වඩා සඟරා පත්‍රිකාවක් එවැනි IPRAJ සඟරාවක ප්‍රකාශනයට පත් කිරීම අසීරු බව ශාස්ත්‍රීය ක්‍ෂේත්‍රය තුළ පිළිගත් මතයකි. මෙම අසීරුතාවයට හේතු වන ප්‍රධාන ම හේතුව වන්නේ සඟරාවකට අත්පිටපතක් ඉදිරිපත් කළ පසු (manuscript-paper submitted for review) සමාලෝචනයට ගන්නා කාලය ගන්නා දීර්ඝ වීමත් එකවර සඟරා කිහිපයකට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඇති නො හැකියාවයි.
ආවරණ ලිපිය පර්යේෂණයේ නව්‍යතාවය ඉස්මතු කරන අතර ඔබේ අධ්‍යයනයේ වැදගත් ප්‍රධාන කරුණු පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. අත්පිටපත සමාලෝචනය කිරීමට පෙර පවා සංස්කාරකවරයාගේ අවධානයට ලක් කර ගැනීම ප්‍රයෝජනවත් විය හැකි බැවින් අනීවාර්ය නො වන අවස්ථාවල දී පවා ආවරණ ලිපියක් ඇතුළත් කිරීම ඥානාන්විත වේ. ඔබේ අත්පිටපත පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සමහරවිට සිදු වන්නේ ඔබේ ආවරණ ලිපියේ ආකර්ෂණය මත ය. ඔබේ ලිපිය පිළිගත් සඟරාවකට සාර්ථක ව ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය වන ආවරණ ලිපියක් ලියන ආකාරය පැහැදිලි කිරීම සහ පහසුකම් සැලසීම සඳහා මෙම පරිච්ඡේදයේ උත්සාහයයි.
සමාලෝචන විචාර බොහෝ විට ඔබ ව අපහසු තාවයට පත් කිරීමට හේතු විය හැකි නමුත් අවසානයේ නිර්මාණාත්මක විවේචන වඩාත් ශක්තිමත් පත්‍රිකාවක් සඳහා හේතු වනු ඇත. සමාලෝචක විචාරවලට ප්‍රතිචාර දැක්වීම සම්පූර්ණ, ආචාරශීලී සහ සාක්‍ෂි සහිත ව ඉදිරිපත් කළ යුතු ය.
ශාස්ත්‍රීය සඟරාවකට පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ පසු එම සඟරාවෙන් ලැබෙන සමාලෝචක විචාරවලට ප්‍රතිචාර දැක්වීම සම්පූර්ණ (complete), ආචාරශීලී (polite) සහ සාක්‍ෂි සහිත ව (with evidence) ඉදිරිපත් කරන අයුරු ඉහත සාකච්ඡා කරන ලද සැබෑ ලෝකයේ නිදර්ශන ප්‍රවේසමෙන් ගැඹුරින් හැදෑරීමෙන් අවබෝධයක් ලබා ගත හැකි ය. මෙම විචාර සහ ප්‍රතිචාර නිදර්ශන කාණ්ඩ සතරකට වර්ග කළ හැකි ය.
රු12,750.00
This book connects different quantitative techniques, qualitative methodologies (case studies, phenomenology and ethnography and Grounded theory) as well as Mixed methods methodology through a single example. This book attempts to describe a holistic approach introducing a 10Ps model that incorporates the essential elements of the research process. The process focuses on combining philosophical framework and arguments from research results.